Monday, 7 July 2025

Glow වෙන්න ආසද?.... 😊 එහෙනම් මෙන්න හොඳම Daily Skin Care Routine එක😍


 

Hey Girls……..ඔයාලා හොඳින් ඉන්නව නේද.........මන් අද ඔයාලට අරන් ආවා කොහොමද තමන්ගේ Skin Care Routine එක තමන්ගෙ සමට ගැළපෙන විදියට Day & Night Products හරියට පාවිච්චි කරන විදිය සහ ලෝකයේ හොඳම නිෂ්පාදන වර්ග මොනවද කියලා.😌

ඉතින් අපි බලමූ කොහොමද උදේ වරුවට Skin Care Routine එක කරගන්නෙ කියලා.🌞😍

මුලින්ම ඔයා කරන්න ඕනෙ මුහුණ හොඳට Face Wash එකකින් හෝදගන්න එක.ඊට පස්සේ Ice Cube එකක් අරන් සිනිඳුවට ඔයාගෙ මුහුනෙ පිරිමදින්න ඕනි.ඊට පස්සේ Cleanser එක Use කරන්න ඕනි.මන් කලින් Article එකේදි ඔයාලට කියල දුන්නා මේ එක එක Products වලින් මොනවද වෙන්නෙ කියලා.ආ තව දෙයක් ඔයාලා ක්ලෙන්සර් එක භාවිතා කරනකොට ඔයාගෙ ස්කින් එක තෙල් සහිතද නැත්නම් වියළි ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.හරී ඊලඟට අපි Toner එක ගමූ.මේකෙදිත් Cucumber Toner, Aloe Toner මේ වගේ ඔයාට කැමති ටෝනර් එකක් ගන්න පුලුවන්.ඊට පස්සේ Serum එක මේකෙදිත් ඔයාගෙ මුහුණෙ කුරුලෑ, ළප කැළැල් තියනවා නම්, වියලි නම්, ඇස් යට කලු වෙලා නම් මේ වගේ සමට ගැළපෙන විදියට තෝරගන්න ඕනෙ.ඊට පස්සෙ Moisturizer එක ගමූ...ඊට පස්සෙ ඔයාට පුලුවන් අස් යට කලු වෙලා නම් ඒකට Eye Cream එක use කරන්න.ඊට පස්සෙ අනිවාරෙන්ම Sunscreen එක පාවිච්චි කරන්න ඔයා එළියට යන්න කලින්, මොකද අපේ රට සමකය ආසන්න රටක් නිසා රස්නෙ හුඟක් වැඩී.එතකොට අව්වට ගියාම අපේ හම ඉක්මනට පිච්චෙන්න බලනවා.ඉතින් ඒ දැන දැන ඇයි අපි කලු වෙන්නෙ😊.හරී...මේ ඔක්කොම ඉවර උනාට පස්සෙ ඔයාට පුලුවන් කැමති විදියට සරල Make – up එකක් කරගන්න.ඊළඟ දවසෙ ඉඳන් Blog එක ටිකක් වෙනස් විදියකට අරන් එන්නම්.....එතකන් පරිස්සමින් ඉන්න ඕනේ..........😁😜😘😊

No comments:

Post a Comment

🪄🔮🧚‍♀️Do you believe in magic? Because I’ve met someone who proves it.🥰🤗ඔයා මැජික් විශ්වාස කරනවද?🤔...මේක කියෙව්වොත් අනිවාරෙන්ම විශ්වාස කරයි.😌😁

😘🥰හලෝ ළමයී.......කොහොමද ඉතින් ඔයාලට...අද මන් ඔයාලට වෙනස් විදියක ලිපියක් ගේන්න හිතුවා.මන් හිතන්නෙ මන් පහුගිය ලිපියෙ ඒක ඔයාලට කිව්වා..ඉතින් ...