Tuesday, 18 March 2025

මලක් වගේ ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයින්ටයි මේ කතාව...🌺😉🙊🙈


මලක් වගේ ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයින්ටයි මේ කතාව...🌺😉🙊🙈

ගෑණු පිරිමි භේදයක් නැතුව අපි හැමෝම කැමති ලස්සනට අඳින්න,පළඳින්න,ලස්සනට ඉන්න.ඉතින්.......ලස්සනට ඉන්න කැමති ඔයාට ලස්සනට ඉන්න මොනවගේ දේවල්ද කරන්න ඕනි කියලා අද මන් කියලා දෙනවා.අපි මුලින්ම බලමූ Skin Care Routine එකක් කියන්නෙ මොකක්ද කියලා..ඒ කියන්නේ අපේ සමේ නිරෝගිකම,පැහැපත් බව තියාගන්න Products කිහිපයක් භාවිතා කරලා දිනපතා උදේට සහ රෑට කළ යුතු Treatment එකක් වගේ දෙයක්.ඔයාලා Skin Care Routine එකක් පටන් ගන්න කලින්.මුලින්ම ඔයාගෙ Skin Type එක හඳුනාගෙන ඊට ගැලපෙන හොඳ ප්‍රමිතියක් තියන Products තෝරගන්න ඕනි.නැත්නම් ඉතින් Treatments කරන්න ගිහින් තව තවත් මුහුණ අවුල් කරගන්නයි වෙන්නෙ.ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් ඉන්න ඕනී.....හරී කතා ඇති දැන් අපි බලමූ මොනවද Skin Care Routine එකක් කරන්න නම් ඔයා ළඟ තියෙන්නම ඕනෙ Products මොනවද කියලා.

1.Cleanser - ක්ලෙන්සර් එක්කින් කරන්නෙ ඔයාගෙ මුහුණෙ තියන කුණු.දූවිලි අයින් කරලා මුහුණ පිරිසිදු කරන එක.

2. Moisturizer - මේකෙන් වෙන්නෙ ඔයාගෙ සමේ තෙතමනය ඇති කරලා,වියළි බව,රැලි වැටීම නැති කරලා තරුණ පෙනුම රැකලා දෙන එක.

3. Sunscreen - සමට හානිකර UV කිරණින් ඔයාගෙ සම ආරක්ෂා කරන එක තමා මේකෙන් වෙන්නෙ.

4. Serums - මේක නම් ඔයාට ගැළපෙන විදියට තෝරගන්න ඕනි.ඒ කියන්නෙ ඔයාගෙ මුහුණේ Dark Spots තියනවා නම් ඒකට පාවිච්චි කරන්න ඕනෙ වෙනම Serum එකක් තියනවා.Wrinkles වලට පාවිච්චි කරන්න වෙනම තියනවා.මේ වගේ ඔයාට තියන ගැටලුව අනුව Serum එකක් තෝරගන්න ඕනෙ.

5. Toner - ඔයාගෙ සමේ PH අගය සමතුලිතව තියාගන්න මේක ඔයාට උදව් වෙනවා.

6. Eye Cream - ඇස් වටේ කලු වෙලා තියනවා නම් ඒකට තමා මේක පාවිචිචි කරන්න ඕනෙ.

7.Face Wash - මුහුණ පිරිසිදු කරගන්න ඔයාට ගැළපෙන ෆේස්වොෂ් එකකුත් ඔයා ළඟ තියෙන්නම ඕනෙ.

8.Aloe Gel - ඇලෝ ජෙල් එකකින් කරන්නෙත් සමේ තෙතමනය තියාගන්න උදව් කරන එක.ඒ කියන්නේ සමේ වියළි බව නැති කරගන්න මේකෙන් පුළුවන්.

 

ඔන්න ළමයි මේ තමා ඔයා ළඟ අනිවාරෙන්ම තියෙන්න ඕනි Products. Beginner කෙනෙක් නම් ඔයා අනිවාරෙන්ම සමේ type එකට ගැලපෙන Products විතරක් තෝරගන්න වග බලාගන්න ඕනි හොඳේ......😌

මන් ඊළඟ ලිපියෙන් ඔයාලට අරන් එන්නම් මන් මුලින් කිව්ව Products උදේට සහ රැට වෙන වෙනම පාවිචිචි කරන්නෙ කොහොමද කියලා.එහෙනම් මල් වගේ ලස්සනට ඉන්න ඕනි ඔයත් හොඳඳ...ආපහු එනකම් පරිස්සමින් ඉන්න....😘💖

 

 




 

10 comments:

මලක් වගේ ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයින්ටයි මේ කතාව...🌺😉🙊🙈

මලක් වගේ ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයින්ටයි මේ කතාව...🌺😉🙊🙈 ගෑණු පිරිමි භේදයක් නැතුව අපි හැමෝම කැමති ලස්සනට අඳින්න,පළඳින්න,ලස්සනට ඉන්න.ඉත...