2025 ට
යනකොට මේ පුරුදු ටික අරන් යමු.
2024
අවසන් වෙලා 2025 ලබල තවම ගෙවිලා තියෙන්නෙ ටික දවසයි.ඉතින් මේ අවුරුද්දත් ඔයා පරණ
විදියටම සුපුරුදු ජීවන රටාව ගතකරමින් ඉන්නවා නම් මේ අවුරුද්ද්ත් ඔයාට නිකන්ම නිකන්
අවුරුද්දක් විතරයි.ඔයාට අලුතින්ම හම්බවුණ මේ අලුත් දවස් 365 ලස්සනට , අමතක නොවෙන
විදියට ගත කරන්න ඔයා ආසයි නේද?එහෙනම් ඉතින් තවම ඔයා පරක්කු නෑ.තවම ගත වෙලා
තියෙන්නෙ දින කිහිපයක් විතරයි.ඉතිරි දවස් ටික ලස්සනට ඉන්නෙ කොහොමද කියලා මන් ඔයාට
කියලා දෙන්නම්.💕
1.මුලින්ම ඔයා ඔයාවම විශ්වාස කරන්න
පටන් ගන්න.
ඔයා
දන්නවද විශ්වාසය කියන්නෙ හරිම ප්‍රබල දෙයක්.ඒක හරියට වීදුරුවක් වගේ බිඳුණොත් ආය
තිබුණු විදියට හරිගස්සන්න බැහැ.අපි ආදරේ කරනකොට,යාළුකම් පවත්වාගෙන යනකොට විශ්වාසය
කියන දේ හරිම වැදගත්.හිතලා බලන්නකො ඔයා ආදරේ කරන කෙනා හරි ඔයාගෙ යාලුවෙක් හරි
පවුලේ කෙනෙක් හරි ඔයාගෙ විශ්වාසය නැති කරොත් ඔයාට කොච්චර වේදනාවක් දැනෙනවද?අන්න ඒ
වගේ ඔයාගෙ යටි හිතේ ඔයා ගැන තියන විශ්වාසය නැති වුණාම ඔයාව දුර්වල වෙනවා.හරියට
පාඩම් කරන්න හිතෙන්නෙ නෑ.වෙනදා වගේ යාලුවො එක්ක හිනාවෙලා ඉන්න හිතෙන්නෙ නෑ.අරමුණු
වලට අවධානය දෙන්න බෑ.මෙන්න මේ වගේ negative දේවල් වෙන්න පටන් ගන්නවා ඔයා ඔයාවම
විශ්වාස කරන්නෙ නැති වුණාම.අපේ යටිහිත ගොඩක් බලවත්.ඉතින් මුලින්ම ඔයා ඔයාව විශ්වාස
කරන්න පටන් ගන්න.හැමවෙලේම මට පුළුවන්,මම දක්ෂයි,මම බුද්ධිමත්,මම දිනනවා,මම මගේ
අරමුණු වලට යනවා වගේ positive දේවල් හිතන්න පටන් ගන්න.දවසක් දෙකක්
මේ දේ කරලා බලන්න.ඔයාටම දැනෙයි ඔයාගෙ වටේ සිදුවෙන දේවල් වල වෙනස්කම්.උදේ අවදිවුණ
ගමන් මේ වගේ positive දෙයක් හිතාගෙන
ඔයාගෙ දවස පටන් ගන්න.දවස ඉවර වෙලා නින්දට යන වෙලාවටත් “හෙට මගේ දවස මම ලස්සනට ගත
කරනවා කියලා හිතාගෙන නිදාගන්න”.සතියක් දෙකක් මේ දේ කරලා බලන්නකො ඔයාටම දැනෙයි
වෙනස.
2.අනිත් අයව ඕනවට වඩා විශ්වාස කරන එක
අඩු කරන්න.
මන්
මුලින් කිව්වේ ඔයා ඔයාවම විශ්වාස කරන්න කියලා නේ.ඒකටම ගැලපෙනවා මන් මේ කියන දෙවනි
කරුණ.ඔයා අනිත් අය මත තියන විශ්වාසය එයාල නැති කරාම ඔයාට ගොඩක් දුක හිතෙනවා.එතකොට
ඔයාගෙ හිත ටික ටික දුර්වල වෙලා ඒ ගැනම හිත හිත අනිත් වැඩත් පාඩු කරගෙන දවස තිස්සෙම
දුකින් ඉන්නවා.එතකොට ඔයාගෙ වටේ ඉබේටම සිද්දවෙන්නෙ negative දේවල්.මොකද ඔයාගෙ මනස පිරිලා
තියෙන්නෙම දුක හිතෙන දේවල්,වේදනාත්මක අමිහිරි මතක වලින් නිසා.මන් උදාහරණයක් විදියට
මෙහෙම කියන්නම්කො සමහර අයට නම් මන් මේ කියන දේ ගැන අත්දැකීමක් ඇති.ඒ අයට මේ මම
කියන දේ හොඳටම දැනේවි.ඔයා ආදරේ කරන කෙනෙක්නම් නැතිනම් ආදරේ කරපු කෙනෙක් නම් එයා
ඔයාගෙ විශ්වාසය නැති කරාම ඔයාට දුක හිතුණ වෙලාවට ඔයා මොකද කරන්නෙ ඇස් දෙක රතු
වෙනකන් රෑ එළි වෙනකන් හොඳටම අඬනවා,කන්නෙ බොන්නෙත් නෑ.ඉගෙන ගන්න දේවල් කරන්නෙත්
නෑ.පොඩි දේටත් තරහ ගන්නවා,පාඩම් කරන්නෙත් නෑ, ඒ වගේම දුක නැති කරගන්න කියලා ඔයා
ෆිල්ම් එකක් හරි සින්දුවක් හරි තෝරගත්තා නම් ඒකෙත් තියෙන්නෙ ඒ වගේ දෙයක්ම
තමා.එතකොට ඔයාට තවත් දුක හිතෙනවා මිසක් දුක අඩු වෙන්නෙ නෑ.ඔයා එයා ගැන ඕනවට වඩා
විශ්වාස නොකර “මිනිස්සු කියන්නෙ ඉක්මනටම වෙනස් වෙන හිතක් තියෙන අය” කියලා ඔයාගෙ
මනස හදාගෙන හිටියනම් ඔයාට දුකක් නෑ නේද?ඒ වගේම තමා යාළුකමක් වුණත් මන් මේ කියන්නෙ
ඔයාගෙ යාළුවො දිහා ආදරේ කරන කෙනා දිහා සැකෙන් බලන්න කියලා නෙවේ.මන් මුලින් සඳහන්
කරපු කරුණ මනසේ තියාගෙන එයාලව ආශ්‍රය කරන්න.කවුරුහරි කෙනෙක් ඔයා ගෙ විශ්වාසය නැති
කරපු වෙලාවක ඒ වෙලාවට දැනෙන දුක නැති කරගන්න ලස්සන සින්දුවක් අහන්න,Me
time එකක් ගත
කරන්න,හිත නිදහස් වෙන තැනකට ඇවිදින්න යන්න,සුරතලෙක් ඉන්නවා නම් එයා එක්ක ටිකක්
ඉන්න,ඔයා ආසම කෑමක් කන්න,අලුත් ඇඳුමක් ගන්න යන්න,කාමරේ පොඩ්ඩක් පිළිවෙල කරගන්න.මේ
වගේ ඔයාගෙ මනස සැහැල්ලු වෙන ඔයාට ප්‍රයෝජනවත් දෙයක් කරලා බලන්නකො ඔයාටම හිතෙයි අනේ
මෙච්චර ලස්සනට ඉන්න පුළුවන් වෙලත් අර වගේ පොඩි දෙයක් නිසානෙ මන් දුක් වුණේ
කියලා.(මේ වගේ දේවල් ගොඩක් තියනවා ඉස්සරහට ඔයාලට මන් අරන් එන්නම් මේ දේවල් කරන
විදිය.)
3.Planner එකක්
හදාගන්න. කාලය කළමණාකරණය කරගන්න.
Planner එකකින්
කරන්නේ ඔයාගෙ ඊළග දවසේ වැඩ මොනවද මේ මාසෙ මොනවද කරන්න ඉන්නෙ.විශේෂ දවස් මොනවද ,
ඔයාට කරන්න තියෙන විශේෂ වැඩ මොනවද කියලා note කරගන්න පුංචි Diary
එකක් වගේ
දෙයක්.මේකෙන් ඔයාට පහසුවෙන්ම ඔයාගෙ කාලය කළමණාකරණය කරගෙන පිළිවෙලට,ලස්සනට,කාලය
කළමණාකරණය කරගනිමින්,කලබලයක් නැතුව ඔයාගෙ වැඩ ටික කරගන්න පුලුවන්.ඔයාට පුලුවන්
ඉරිදා හවසට අලුත් සතියට කරන්න ඉන්න වැඩ ටික පිළිවෙළට දිනයත් එක්කම ලියලා
තියාගන්න.හැමදාම රෑට නිදාගන්න කලින් එදිනෙදාට එකතු වෙන අලුත් වැඩ ටිකත්
ලියාගන්න.එතකොට ඔයාට පුලුවන් කිසිම වැඩක් අතපසු කරගන්නෙ නැතුව ඉන්න.ඒ වගේම ඔයාගෙ
ඊළඟ දවස කාර්‍යබහුල දවසක් නම් වෙලාවත් ලස්සනට කළමණාකරණය කරගන්න පුලුවන්.හිතන්නකො
ඔයාට මේ සතියෙ බ්‍රහස්පතින්දට assignment එකක් submit කරන්න තියනවා කියලා.බදාදා නිදාගන්න
කලින් ඔයාගෙ planner එක
බැලුවනම් ඔයාට නිදාගන්න කලින් මතක් කරගන්න පුලුවන් හෙට assignment
එක submit
කරන්න
ඕනෙ කියලා.එතකොට ඔයාට on time ඒක submit කරන්න පුලුවන්.විශේෂ දවස් අමතක
කරගන්නෙ නැතුව ඉන්නත් මේක ඔයාට වැදගත් වෙයි.පොතක ලියන්නම ඕනෙ නෑ ඔයාගෙ ෆෝන් එකේ
නෝට්පෑඩ් එකේ වුණත් මේක ලියාගන්න.
4.Healthy Routine එකක් follow කරන්න.
මන් මේ
කියන්න යන්නෙ ව්‍යායාම කරන එක ගැන විතරක් නෙවේ ඔයා ගැහැණු
ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ව්‍යායාම වගේම ඔයාගෙ මුහුණට, ශරීරයට සත්කාර
කිරීමත් අවශ්‍යයි.මොකද ගැහැණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම කැමතියි නෙ ලස්සනට
ඉන්න නේද?ඉතින් ඔයා මේ අවුරුද්දෙ ඉඳන් ව්‍යායාම කරනවා වගේම සතියකට සැරයක් හරි
මුහුණට වගේම ශරීරයට ස්වභාවික පැක් එකක් ආලේප කරන්න,සතියකට වතාවක් අනිවාරෙන්ම මුහුණ
ස්ක්‍රබ් කරන්න.හොඳ එළවළු පළතුරු කන්න,උදේ අවදිවුණ ගමන් වතුර වීදුරුවක් බොන්න.පැණිරස
කෑම,තෙල් සහිත කෑම ගන්න එක අඩු කරලා තමන්ගෙ කෑම වේල සෞඛ්‍යාරක්ෂිත විදියට තමන්ම හදාගන්න
පුරුදුවෙන්න.රසකාරක තියෙන පළතුරු බීම බොනවට වඩා හොඳ පළතුරක් අරන් ගිහින් ඔයාම හොඳ
පළතුරු යුෂ එකක් හදාගන්න.ඔයා ඉන්නෙ ලිෆ්ට් එකකින් යන්න ඕන ආයතනයක නම් අපාර්ට්මන්ට්
එකක නම් දවසට එක පාරක් පඩිපෙළ භාවිතා කරන්න.කැම්පස් එකට එන්න තියෙන්නෙ පොඩි දුරක්
නම් දේශන පටන් ගන්න ටික වෙලාවකට කලින් පිටත් වෙලා හෙමින් හෙමින් ඇවිදගෙන
එන්න.පුලුවන් හැමවෙලේම වතුර බොන්න.කිසිම හේතුවක් නිසා ඔයාගෙ උදේ ආහාර වේල මගහැර
ගන්න නම් එපා.මාසෙකට වතාවක් හෝ මාස තුනකට වතාවක් හරි වෛද්‍යවරයෙක් මුණ ගැහිලා.Check
up එකක්
කරගන්න.
5.විනෝදාංශයක් තියාගන්න.
අපි
හැමෝටම එක දිහට වැඩකරගෙන යන්න අමාරුයිනේ.පැය ගාණක් තිස්සෙ පුටුවකට වෙලා ලැප්ටොප්
එකක් දිහා බලාගෙන ඉන්න හරි එක දිගට පාඩම් කරන්න හරි ඕනම දෙයක් ඒකාකාරිව කරගෙන
යනකොට ඒ කෙරෙහි අවධානය දෙන්න අපිට අමාරුයි.එතකොට අපේ මනස වෙහෙසට පත් වෙලා හරියට
අපේ වැඩේ කරන්නත් අපහසු වෙනවා අපිට.මෙන්න මේ මහන්සිය වෙහෙස නැති කරගන්න තමයි අපිට
විනෝදාංශයක් තියෙන්නෙ.එක එක්කෙනාට තියෙන විනෝදාංශ විවිධයි.එක්කෙනෙක් පොත් කියවන්න
ආස වෙන්න පුලුවන්,තව කෙනෙක් පොත් ලියන්න,සින්දු ලියන්න,කවි ලියන්න,ෆිල්ම්
බලන්න,ඇවිදින්න යන්න,කෑම හදන්න මෙන්න මේ වගේ එක එක්කෙනාගෙ විනෝදාංශ
සාපේක්ෂයි.ඉතින් ඔයාටත් පුලුවන් එක දිගට වැඩ කරගෙන යනකොට දැනෙන මහන්සිය නැති කරන්න
ඔයා ආසම දෙයක් කරන්න පොඩි වෙලාවක් වෙන් කරගන්න.එතනින් පස්සෙ ඔයා ආයෙත් ඔයාගෙ වැඩේට
අවධානය දෙන්නෙ නිරවුල් නැවුම් මනසකින්.ඔයාගෙ මනස වෙහෙසට පත් නොකර, ඔයාවත් වෙහෙසට පත්
නොවෙන විදියට වැඩ කරගෙන යන්න මේ අවුරුද්දෙ ඉඳන් ඔයත් විනෝදාංශයක් පටන් ගමු.
මේ වගේ
ලස්සන පුරුදු ගොඩක් තියනවා ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්න.ඉස්සරහට එක එක මාතෘකා වලින්
මන් ඔයාලත් එක්ක ඒ දේවල් බෙදාගන්නම්.අනිත් බ්ලොග් එක අරන් එනකන් සතුටින්
පරිස්සමින් ඉන්න........
Stay Tuned…………….🙈💙