Thursday, 10 October 2024

What is Happiness?

සතුට යනු මිනිසුන් නිතරම සොයා ගැනීමට උත්සාහ කරන,නිතරම තම ජීවිතයට ළඟා කරගැනීමට උත්සාහ කරන සුන්දර හැඟීමකි. නමුත් සතුට මඟින් නිරූපණය වන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂය.සරලවම කිවහොත් පුද්ගලයා තම ජීවිතය තුළ අපේක්ෂා කරන දේ තමා වෙත ලැබෙන විට පුද්ගලයා සතුටින් සිටී.නිදසුනක් ලෙස එක් අයෙක් විශ්වවිද්‍යලයට තේරී පත්වීම ගැන සතුටට පත් වන අතර තවත් අයෙක් තමාට මල් පොකුරක් ලැබුණ නිසාවෙන් සතුටින් සිටී.මේ අනුව පැහැදිලි වන්නේ එක් එක් පුද්ගලායෙගේ ජීවිතයේ තිබෙන අරමුණු,ඉලක්ක සහ සිහින අනුව එක් එක් පුද්ගලයා සතුට අපේක්ෂා කරන ආකාරය විෂම වන බවයි.එමෙන්ම එය කවර හෝ පුද්ගලයෙක් තුළ දිගුකල් පවතින,ස්ථිර දෙයක් නොවේ.එකම පුද්ගලයා තුළ හෝ තත්පරයක් ඇතුළතදී පවා එය වෙනස් විය හැකිය.සතුට යන්නට බොහෝ නිර්වචන තිබුණද,බොහෝ අය එය ධනාත්මක චින්තනය සහ ජීවිත තෘප්තිය ළඟාකරගැනීම ලෙස වටහා ගනී. එදිනෙදා ජීවිතය තුළ අප කරන රැකියා,අධ්‍යාපන කටයුතු,සබඳතා පවත්වා ගැනීම ආදී ජීවිතය හා සම්බන්ධ විවිධ කරුණු මත පදනම්ව අපගේ සතුට තීරණය වේ.රැකියා ස්ථානයේ හෝ අධ්‍යාපන තත්වය තුළ හෝ යම් කරුණක් හේතු කොටගෙන අප සිත් තුළ යම් නිෂේධාත්මක චිත්ත ස්වභාවයක් හටගන්නා විටදී ධනාත්මක චින්තනය ගිලිහී යයි.නිරන්තරයෙන් එම ප්‍රශ්න ගැටලු පිළිබඳ සිතන විට මානසික පීඩනය,කනස්සල්ල,පාලුව,තනිකම ආදිය හටගනී.ඇතැම් අවස්ථා වලදී විශාදය වැනි රෝග වැළඳීමට පවා අවස්ථාව තිබේ. මනෝවිද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට සතුටෙහි ප්‍රධාන සං‍රචකයක් වන්නේ හැඟීම් වල සමතුලිත්තාවය පවත්වාගෙන යාමයි.උක්ත සඳහන් කළ පරිදි මානසික පීඩනය,කනස්සල්ල,විශාදය වැනි තත්වයන්ට හේතුව වන්නේ මෙම හැඟීම්වල සමතුලිත බව පවත්වාගෙන යාමට අපොහොසත් වීමයි.එනම් ධනාත්මක හැඟීම් සහ නිෂේධාත්මක හැඟීම් සමසිතින් දරාගැනීමට ඇති නොහැකියාවයි.ලොව ජීවත්වන සෑම පුද්ගලයෙක්ම සියයට සියයක්ම සතුටින් සිටින පුද්ගලයෝ නොවෙති.නමුත් ඉහත කී හැඟීම් වල සමතුලිතතාවය පවත්වා ගැනීම තුළින් අපගේ නිෂේධාත්මක හැඟීම් ඇති වුවද එය සාමාන්‍ය දෙයක් ලෙස සලකා බැහැර කර එදිනෙදා කටයුතු වල නියැලීමට හැකියාව ලැබේ. නිතරම සතුටින් සිටීමට සිතට පීඩාකාරී දේ මඟහරවා ගැනීමට වීවිධ දේ කළ හැකිය.පොත් කියවීම,ගීත ඇසීම,චිත්‍රපටයක් නැරඹීම ආදි විවිධ විනෝදාංශ ගණනාවක් තිබේ.ඉතින් අපි කතා කරමු ඔබේ මානසික පීඩනය මඟහරවා ගැනීමට කළ යුතු දේ පිළිබඳව. Stay Tuned………….
Hey.👀 I'm Warsha Samarasinghe and all of you are welcome to my happy vibes hub. 💗 Let's colour your life, dreams & attitudes with me 😌 Stay tuned for an exciting updates. 😜

මලක් වගේ ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයින්ටයි මේ කතාව...🌺😉🙊🙈

මලක් වගේ ලස්සනට ඉන්න කැමති ගෑණු ළමයින්ටයි මේ කතාව...🌺😉🙊🙈 ගෑණු පිරිමි භේදයක් නැතුව අපි හැමෝම කැමති ලස්සනට අඳින්න,පළඳින්න,ලස්සනට ඉන්න.ඉත...